මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යාංශය යටතේ සිදු කරන ලද සේවාවන් වලට අදාළ අවස්ථා කීපයක්
ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වූ සෞඛ්‍ය පද්ධතීන් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ (HSEP) මුල්‍ය දායකත්වයෙන් රු.මිලියන 19.65 ක පිරිවැයෙන් ඉදි කරන ලද මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගලහ ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයේ නව ගොඩනැගිල්ල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ගරු ලලිත් යූ ගමගේ මැතිතුමාගේ සුරතින් 2021.12.24 දින රෝගී සත්කාරක සේවාවන් සඳහා ජනතා අයිතියට පත්කරන ලදි.
ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වූ සෞඛ්‍ය පද්ධතීන් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ (HSEP) මුල්‍ය දායකත්වයෙන් රු.මිලියන 17.00 ක පිරිවැයෙන් වැඩිදියුණු කරන ලද මහනුවර දිස්ත්‍රික්කයට අයත් දෙල්තොට ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ගරු ලලිත් යූ ගමගේ මැතිතුමාගේ සුරතින් 2021.12.24 දින රෝගී සත්කාරක සේවාවන් සඳහා ජනතා අයිතියට පත්කරන ලදි.
පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ රු.මිලියන 12.00 ක පිරිවැයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ගෝනගන්තැන්න ප්‍රාදේශීය රෝහලේ වාට්ටු සංකීර්ණය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ගරු ලලිත් යූ ගමගේ මැතිතුමාගේ සුරතින් 2021.12.16 දින රෝගී සත්කාරක සේවාවන් සඳහා ජනතා අයිතියට පත්කරන ලදි.